Archives: අප්‍රේල් 2024

දෙවියන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය

මගේ මිතුරු රැලේ ඔහුගේ අසූපස් වන උපන් දිනය කරා වේගයෙන් ගමන් කරමින් සිටියි. වසර තිස් පහකට පමණ පෙර ඔහු සමග වූ මගේ ප්‍රථම සංවාදයේ සිට ඔහු ජ්වලිතකමේ මූලාශ්‍රයක් වුනි. විශ්‍රාම ගිය දින සිට ඔහු පොත් පිටපතක් අවසන් කළ බවත් තවත් සේවා ආරම්භක පියවරක් ගත් බවත් කී විට මම කුතුහලයට පත් වූවත් පුදුම නොවීමි.

බයිබලයේ කාලෙබ්ද අසූපස් වෙනි වියේදී නැවැත්වීමට සුදානම්ව…

ක්‍රිස්තුස්වහන්සේ තුළ විවිධත්වයෙන් එක්වී

මහාචාර්ය ඩැනියෙල් බෝව්මන් කණිෂ්ඨ, තම රචනාව වන “සේවය සහ වර්ණාවලියෙහි” ලියන්නේ අන් අයට වඩා අසාමාන්‍ය ගුණාංග ඇති පුද්ගලයෙකු ලෙස සභාවට සේවය කිරීමට තීරණ ගැනීමේ ඇති අපහසුතාවයයි. ඔහු පැහැදිළි කරන්නේ “ඕටිසම් රෝගයෙන් පෙළෙන අය හැම වෙලාවේම ඉදිරියට යාමට නව මාර්ගයක් සොයා ගන්නා බවයි. එය පිළිගත හැකි ආවේණික මාර්ගයකි. එය සළකා බලන්නේ මානසික, භාවමය සහ ශාරිරික ශක්තිය සහ කාලය නැවත ආරෝපිත කිරීම්,…

සත්‍යය සමාදාන කරුවාණන් වන යේසුස්වහන්සේ

1862 දෙසැම්බර් මස 30 වන දින එක්සත් ජනපද සිවිල් යුද්ධය ආරම්භ වුනි. ටෙනෙසීහී ගල් ගංගාව දෙපැත්තෙහි යාර හත්සියයක පරතරයක් තබා සන්ධාන සහ එකමුතු හමුදා කඳවුරු ගසා ගත්හ. ඔවුනු ගිනිමැළ වටා උණුසුම් වන අතර තුරදී සන්ධාන හමුදා තම සංගීත භාණ්ඩ රැගෙන “යැංකි ඩූඩල්” ගීතය වාදනය කරන්න පටන් ගත්හ. එයට ප්‍රතිචාර ලෙස එකමුතු හමුදා “ඩික්සි” වාදනය කළහ. අවසාන වශයෙන් දෙකොට්ඨාශයම එකතුව සමාදානයෙන්…

ක්‍රිස්තුස්වහන්සේ තුළ සමූහනය

“සාර්ථක වීමට එකම ක්‍රමය මාගේ භාර්යයාව, පුතා සහ දියණිය අමතක කිරීම බව මම දැන සිටියෙමි. නමුත් මට එසේ කළ නොහැකි බව මම සොයා ගත්තෙමි. හේතුව වන්නේ ඔවුන් මගේ හදවත සහ මනස නැමැති රෙදිකඩට ගෙතී සිටි බැවිනි” යනුවෙන් ජෝර්ඩන් කීවේය. පාළු ප්‍රදේශයක තනිවම අවම ද්‍රව්‍යවලින් හැකි තරම් කාලයක් එළිමහනේ ජීවත් වීමට අභියෝග කරන තරඟයකට ජෝර්ඩන් සහභාගී වෙමින් සිටියේය. ඔහුට දරා ගැනිමට…

සොරා ගත් මිහිරි කෑමවල තිත්තකම

ජර්මනියේ සොරුන් පිරිසක් චොක්ලට් ටොන් විස්සකට වඩා පිරී තිබුණු ශීතකරණ ට්‍රක් රඨයක් කොල්ල කෑහ. තක්සේරු කරන ලද චොක්ලට්වල වටිනාකම ඩොලර් 80,000 කි. පොලිසිය සෑම කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටියේ අසාමාන්‍ය මාර්ගවලින් විශාල ලෙස චොක්ලට් විකිණීමට උත්සාහ කරන අය ගැන වහාම පොලිසිය දැනුවත් කරන ලෙසටයි. මහා පරිමාණයෙන් මෙම චොක්ලට් සොරකම් කරන ලද වුන් අසුවී වැරදිකරුවන් කරනු ලැබූයේ නම් ඔවුන්ට මුහුණ දෙන්න වෙන ප්‍රතිවිපාකයන්…